Sunday, January 12, 2025

General line - 0115112241

පර්පචුවල් හිමිකරුගේ ඉල්ලීමක් අධිකරණයේ කුණු කූඩයට

හර්ෂිකා සංජීවනී




පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විදේශගතවීම සදහා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින් අද (25) ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. නීතිඥයෙකු මාර්ගයෙන් මෝසමක් ගොණුකරමින් අර්ජුන් ඇලෝසියස් මෙම ඉල්ලීම කර තිබුණා.

සිංගප්පූරුවේ සංචාරයක නිරතවීම සදහා අවසර ලබාදෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේවෙතත් ප‍්‍රශ්නගත බැදුම්කර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර තිබීම සහ අර්ජුන් ඇලෝසියස් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔහුට විදේශගතවීමට අවසර ලබානොදීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තීරණය කර තිබෙනවා.