Sunday, January 12, 2025

General line - 0115112241

ශ්‍රී ලනිප එජාප මන්ත්‍රීවරු 17 කරන්න යන වැඩක් ගම්මන්පිල කියයි




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට ඇති එකම විකල්පය ජනමත විචාරණය වලක්වා ගැනීම බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමේ උත්සාහය පාර්ලිමේන්තුව තුළදීම පරාජය කළයුතු බවයි එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියාසිටියේ.

54ක් සිටිනා බැවින් තව අවශ්‍යවන්නේ මන්ත්‍රීවරුන් 22ක් පමණක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දයෙන් වැලකී සිටීමට දැනටමත් පොරොන්දු වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වීම වළක්වාලීමටනම් මන්ත්‍රීවරුන් 76ක් ඊට පක්ෂ නොවී සිටීම ප්‍රමාණවත් බවද ඔහු පවසනවා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේ කොළඹ අද  පැවති මාධ්‍ය හමුවකදීයි.