Sunday, January 12, 2025

General line - 0115112241

නැති ව්‍යවස්ථාවක් ගැන බොරු කතා එපා




බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර නොගෙන ඒ පිළිබද සොයාබලන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කිරීම අනුමත කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නේ නම් දැනටමත් ඒ සදහා අවස්ථාව පවතින බවයි. 

"ව්‍යවස්ථාවක් හැදිලත් නැහැ, කෙටුම්පතක්වත් නැහැ, එහෙම තියෙද්දි හෙට රට බෙදෙයි වගේ කියල කෑ ගහනව. අපේ රටේ ඛේදවාචකය තමයි තාම අදහසක්ව තියෙන ව්‍යවස්ථාවක් ගැන මහා සංවාද කරන එක. ව්‍යවස්ථාව ගැන සංවාදයක් හරි කරන්න අවස්ථාව තියෙන්නෙ කෙටුම්පතක් හෝ හැදුනාට පසුවයි."

මින් සිදුවන්නේ රටේ ඇති සබෑ ප්‍රශ්න අමතක වීමයැයි පැවසූ ලේකම්වරයා සයිටම් ප්‍රශ්නය වැනි සැබෑ ප්‍රශ්න මින් යට යනබව පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ඔක්තෝබර් විප්ලවයට මේ වසරේදී වසර 100ක් සපිරෙනවා. ජනතා විමුක්ති පෙරමුණද ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම නිමිත්තෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා. ඔක්තෝබර් 27 සහ 28 දෙදින පුරා කොළඹ විහාරමහාදේවී පරිශ‍්‍රයේදී එම වැඩසටහන් ක‍්‍ර‍්‍රියාත්මක කිරීමට නියමිතයි.