මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අද (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ, විෂයභාර අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල හා අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත්වූවන්ගේ සංගමය අතරයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න පැවසුවේ ජනතාවගේ පවතින ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දැඩි තීරණ ගැනීමට සිදු වෙනු ඇති බවයි.