Monday, April 29, 2024

General line - 0115112241

හෙට සිට කොළඹ අතුරු මාර්ග කිහිපයක ගමනා ගමනයට සීමා




හෙට්ටියාවත්ත මංසන්ධියේ සිට ඉබ්බගෙවත්ත මංසන්ධිය දක්වා මාර්ගයේ රථවාහන ධාවනය හෙට (27) සිට සීමා කෙරෙන බව පොලිසිය නිවේදනය කරනවා.

ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය මෙලෙස හෙට සිට ලබන 30 වැනිදා දක්වා සීමා කෙරෙන බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව හෙට  රාතී‍්‍ර 9.00 සිට 30 වැනිදා අලුයම 5.00 දක්වා එම මාර්ගයේ වාහන ගමනා ගමනය සීමාවනු ඇති.

ඒ වෙනුවෙන් විකල්ප මාර්ග හඳුන්වාදී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර කොටහේන - වාසල මාර්ගයේ සිට පරමානන්ද පන්සල දක්වා වූ මාර්ගයද ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් අදාළ කාලය තුළ වාහන ගමනා ගමනය සීමා කෙරෙනවා.