ඉරාකයේ රූපවාහිනි නාලිකා දෙකක් තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වෛරය සහ ප්‍රචණ්ඩත්වයට ජනතාව පෙළඹවීම යන චෝදනා මත මෙම නාලිකා දෙක ඉරාක සන්නිවේදන හා මාධ්‍ය කොමිෂන් සභාව විසින් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
“Rudaw“ සහ “kurdistan 24“ යන රූපවාහිනි නාලිකා දෙක එලෙස අත්හිටුවීම සිදුකර ඇත්තේ.
කෙසේවෙතත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් අදාළ මාධ්‍ය ආයතන විසින් පෙන්වා දී තිබෙනවා.