Monday, November 25, 2024

General line - 0115112241

ට්විටර් සේවකයෙක් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අක්‍රීය කරයි




අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම කෙටි වේලාවකට ඊයේ (02) අක්‍රිය වූ බව එම සමාජජාලය නිවේදනය කරනවා.

මෙම ගිණුම ට්විටර් ආයතනයේ සේවකයෙකු අක්‍රීය කර තිබෙන බව වාර්තා වනවා.

එම සේවකයා සිය සේවයේ අවසන් දිනයේදී මේ ආකාරයෙන් විනාඩි 11ක පමණ කාලයක් ජනපතිගේ ගිණුම අක්‍රීය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ට්විටර් සමාජජාලය පවසනවා.

මේ හේතුවෙන් ඊයේ සවස අදාළ කාලය තුළ ජනපතිගේ ගිණුමට ඇතුළු වූ අයට පෙන්වා ඇත්තේ "Sorry, that page doesn't exist!" යන පණිවුඩයයි.