Monday, April 29, 2024

General line - 0115112241

ආනයනය කරන ටෙලිනාට්‍ය සඳහා වූ බද්ද ඉහලට 




ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය  තීරණය කර තිබෙනවා.

ඒ අනුව හඬකවන ලද විශේෂ ටෙලිනාට්‍ය සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් 90000 සිට 150000 දක්වා ඉහල දමා ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.