ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඉතාලියට අහිමි වී තිබෙනවා.
ඒ, ස්විඩනය සමග පැවති තරගයකින් ජයග්රහණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන්.
මෙම තරගයේදී දෙපිලම ගෝල වාර්තා කිරිමට සමත්ව නැහැ.
1958 වසරෙන් පසු ඉතාලිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් නොලැබූ පළමු අවස්ථාව මෙය වනවා.
ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලි 4කදි පාපන්දු ලෝක ශූරයන් බවට පත් වුණා.