ජීවිතය සතුටින් ගත කිරීමට නම් යහපත් සබඳතා ප‍්‍රධාන අවශ්‍යතාවක් බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් - චේන්ජ් වැඩසටහනේදී කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු විස්තර කළා.
කෙසේ වෙතත් ජීවිතය සතුටින් ගත කළ හැක්කේ කෙසේදැයි බොහෝදෙනා තුළ නිවැරදි අවබෝධයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.