Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුව SAITM සමග දීගයකට සැරසෙයි




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය සහ පෞද්ගලික අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට එකඟතාවක් පළ වී තිබෙනවා. එ් රජයේ විශ්ව විද්‍යාල 6ක වෛද්‍ය පීඨාධිපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම සාකච්ඡාව පැවැත්වුණේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන්.

එහිදී වෛද්‍ය පීඨාධිපතිවරුන් එකඟතාව පළ කර ඇත්තේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය සමග සම්බන්ධව කටයුතු කළ යුතු බවටයි. අධිකරණ කි‍්‍රයාදාමයෙන් පසුව මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැනීමටද එහිදී එකඟතාව පළ වී තිබෙනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය සහ පෞද්ගලික අනුබද්ධිත ආයතනයක් ලෙස පවත්වාගෙන යාම හැර වෙනත් විකල්පයක් පෙනෙන්ට නැතැයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියා.