Friday, October 18, 2024

General line - 0115112241

වෙඩි තබා සිදුකළ ඝාතනයක සැකකරුවන් දෙන්නෙක් කොටු




මෝදර බෝක්කුවත්ත ප‍්‍රදේශයේ දී මාතැල්ගේ අජිත් කුමාර නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු බියගම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (13) ලද තොරතුරක් මතයි.

ඉකුත් 08 වැනිදා අලුයම 02.00ට පමණ මාතැල්ගේ අජිත් කුමාර නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර තිබුණේ අවමංගල්‍ය නිවසකදීයි. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිලූෂන් කුමාරසිරි සහ නිරේෂ් කුමාරසිරි නමැති පුද්ගලයින් දෙදෙනෙක්.

ඝාතනයට යොදාගත් බව පැවසෙන රිවෝල්වරය ද ඔවුන් සතුව තිබී සොයා ගැණුනා. එමෙන්ම ඔවුන් විසින් ඝාතනය සැලසුම් කිරීමට යොදාගත් බවට සැක කෙරෙන ජංගම දුරකතන 03ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් දෙදෙනා අලූත්කඬේ අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (14) ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ එක් සැකකරු මීට පෙර පිළියන්දල ප‍්‍රදේශයේ කුළී නිවසක රැඳී සිටිය දී අත්අඩංගුවට ගැණුනා. ඔහු ජගත්සිරි නමැත්තෙක්.

සිද්ධියට සම්බන්ධ සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෝදර පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කරනවා.

මෝදර පාතාලය සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනින් ද අවස්ථා කිහිපයකදී තොරතුරු අනාවරණය කෙරුණා.