Friday, October 18, 2024

General line - 0115112241

සමෘද්ධි නිලධාරියෙකුට ප්‍රහාරයක්




වව්නියාව නෙඩුන්කේනි ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සමෘද්ධි නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා. 

එස්' කෝනේස්වරන් නමැති මෙම සමෘද්ධි නිලධාරීයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ තමන් සේවය නිමකොට නිවසට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි සිව් දෙනෙකු විසින් පහරදුන් බවයි. ඔවුන් සිය යතුරුපැදියට ද අලාභහානි කළ බව ඔහු පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර වව්නියාව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.