Friday, May 10, 2024

General line - 0115112241

දිලිඳු ජනතාවගේ ජීවන ආර්ථිකය ඉහළ දැමීමට ජනපතිගෙන් උපදෙස්

රොෂාන් තුෂාර - පොළොන්නරුව




2018 වර්ෂය රටේ දිලිඳු ජනතාවගේ ජීවන ආර්ථිකය ගොඩ නැගීමට අවශ්‍ය ව්‍යපෘති නිලධරීන් විසින් සැකසිය යුතු යයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හමුවේදී අද (22) පැවසුවා.

 

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී නිලධරීන් අමතා මේ බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා " 2018 හා 2019 වර්ෂවලදී අපේ රටේ සංවර්ධනය පුර්ණ සිදුව ඇති නම් කරනු ලබන දිස්ත්‍රික්ක අතරට මේ දිස්ත්‍රික්කයත් ගෙන ඒමයි බලාපොරොත්තුව වෙන්නේ.

 

ඈත එපිට ඉතා දුෂ්කර ගම්මානවල ජීවත් වෙන මිනිසුන්ට වගේම 2018 වර්ෂය මුලික වශයෙන් ප්‍රමුකත්වය දිය යුත්තේ මගේ යෝජනාව අනුව මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සදහා.ප්‍රධානවශයෙන් ජීවන තත්වය උසස් කිරීම සදහා ව්‍යපෘති සැකසිය යුතුයි.

 

දැඩි ලෙස ආර්ථික අපහසුතා තිබෙන පවුල් සොයලා බලලා ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ.

 

මේ මුදල් රජයේ මහා ජනයාගේ මුදල් ,ඒ නිසා මුල්‍ය විනයක් ඇතිව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.අර පරිස්සමෙන් කළමනා කරණය කල යුතුයි.

 

දැන් 2016 දී මම හිතන්නේ හදලා තිබෙනවා බකමුණ රෝහලේ මෘත ශරීරාගාරයක් මම දන්නේ නෑ.එක සැලසුම් කරපු අයයිඑක තීන්දු කරපු අයයි ඇයි කල්පනා නොකළේ කියලා.බකමුණ රෝහලේ මෘත ශරීරාගාරයක් හදලා තියෙනවා එකට ශරීර 35 ක් දාන්න පුළුවන් .මම දන්නවනම් කිසි සෙත් ඉඩ දෙන්නේ නෑ,මම දන්නේ නෑ ඒ ප්‍රදේශයේ මාසෙට දෙතු තුන් දෙනෙකුවත් මැරෙනවද කියලා මේක සැලසුම් කරපු අයට හිතන්න තිබුනා.අවුරුදු සියයකට ඇති ඒක ,කොළඹ මහත්තුරුනේ "