සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන 3වන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ වුණා.
තරගය පැවැත්වෙන්නේ මුම්බායිහි වන්කඬේ ක්රීඩාංගණයේදියි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුළු 3ක් දැවී ලකුණු 32ක් ලබාගෙන සිටිනවා.
ඉන්දිය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) තරගයට එක්වන්නේ වෙනස්කම් දෙකක්ද සහිතවයි.
ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් සහ චතුරංග ද සිල්වා වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඒ ජස්ප්‍රිට් බුම්රා සහ යශ්වේන්ද්ර චාහල් වෙනුවට
දෙරට අතර මෙතෙක් පැවති තරග 2ම ජයගත් ඉන්දියාව දැනටමත් තරගාවලියේ ශූරතාව දිනාගෙන අවසන්.
ශ්‍රී ලංකාව මේ දක්වා මේ වසරේ සහභාගී වූ පන්දුවාර 20 තරග 30න් 22ක්ම පරාජයට පත් වී තිබෙනවා.
මෙම තරගය ශ්‍රී ලංකාව මේ වසරේ සහභාගී වන පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයි. ඒ අනුව, පරාජයේ රැල්ලෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට මේ වසරේදී හිමිවන අවසන් තරගයද මෙයයි.