Thursday, November 28, 2024

General line - 0115112241

ඩක්වත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 66ක ජයක් නවසීලන්තට




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති 3වන එක්දින ක‍්‍රිකට් තරගය ඩක්වත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 66කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (26) සමත් වුණා. 

අයහපත් කාලගුණය හේතුවෙන් තරගය  පන්දුවාර 23කට සීමා කෙරුණා. 

ඒ අනුව, පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 4ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 131ක්. 

රෝස් ටේලර් නොදැවී ලකුණු 47යි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 23 නිමා වනවිට කඩුලූ 9ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 99ක් පමණයි. 

ඒ අනුව, දෙරට අතර පැවති එක්දින තරගාවලිය 3ට 0ක් ලෙස ජය ගැනීමට ද නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.