Thursday, November 28, 2024

General line - 0115112241

එංගලන්තය ක්‍රිකට් අවමානයෙන් ගැලවෙන්න ලොකු උත්සහයක

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ 4 වන තරගයේ දෙවන දිනය අදයි.

පළමු ඉනිම කී‍්‍රඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබා සිටියා.

එ් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 327ට පිළිතුරු වශයෙන්.

ඇලෙස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 85යි. ඔහු ටෙස්ට් ඉනිම් 11කට පසු වාර්තා කළ පළමු අර්ධ ශතකයද මෙය වනවා. ආරම්භක පිතිකරු මාර්ක් ස්ටෝන්මන් ලකුණු 15කට දැවී ගියා. ජේම්ස් වින්ස් ලකුණු 17 යි.

මෙම තරගය මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. තරග 5කින් සමන්විත අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙස ඕස්ටේ‍්‍රලියාව මේ වන විටත් ජයගෙන අවසන්.