Friday, October 18, 2024

General line - 0115112241

සාගර විශ්වවිද්‍යාලයේ නව මධ්‍යස්ථානයක් බූස්සට




ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ නව මධ්‍යස්ථානයක් ගාල්ල, බූස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීමට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යංශය පැවසුවේ දැනට භාවිතයට නොගන්නා බූස්ස ආර්ථීක මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම නවීකරණය කර සාගර විශ්වවිද්‍යාලයේ නව මධ්‍යස්ථානය එහි ආරම්භ කරන බවයි.

එම කටයුකතු හෙට (30) උදෑසන අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවද නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුනු අමාත්‍යංශය නිවේදනය කළා.