Friday, October 18, 2024

General line - 0115112241

පොහොට්ටුවට අනාගතයක් නෑ




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයේ පවතින අර්බුද හේතුවෙන් එහි නායකයන් පිරිසක් නිහව සිටින බව ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය පී හැරිසන් පැවසුවා.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නායකත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවක් ඊට හේතුව බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

මෙම පක්ෂයට අනාගතයක් නොමැති බවත් පුද්ගලයන් මත බිහි වන පක්ෂවල එසේ වන බව ද අමාත්‍ය පී හැරිසන් සඳහන් කළා.

කොළඹදී පැවැත්වීමට නියමිත පොදු ජන පෙරමුණේ සමුළුව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.