Friday, October 18, 2024

General line - 0115112241

පාකිස්ථානයෙන් ලංකාවට පොහොර




පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් වහාම ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද (29) පස්වරුවේ තමන් වෙත දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ සමුඵවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති මෙම සමුළුව පැවැත්වුණා.

පළාත් පාලන මැතිරවරණයේ වැදගත්කම පිළිබ ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වා සිටියා.

එම මැතිවරණයෙන් පසු ගම පමණක් නොව නගරය රට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද භාරගෙන ඊට නායකත්වය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.