Friday, October 18, 2024

General line - 0115112241

පාතාලයට සම්බන්ධ අපේක්ෂකයන් ගැන පොලිසිය සොයයි

හේමන්ත කහවලගේ




මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන, පාතාලයට සම්බන්ධකම් ඇති තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙකු පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අතරින් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයන් බවයි වාර්තා වුණේ.

වැලිගම ප‍්‍රාදේශීය සභාවටද පාතාලයට සම්බන්ධ අයෙකු මෙවර තරග කරන බව අනාවරණ වුණා.

නෙත් නිවුස් මෙම අපේක්ෂකයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් ද කරුණු විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මැතිවරණ සමයේ මෙම අපේක්ෂකයින්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි.