Friday, October 18, 2024

General line - 0115112241

යාපනයේ පැතිර යන උණ නිසා සිදුවූ මරණ ගැන කළ පරීක්ෂණයේ වාර්තාව මෙන්න




යාපනය සහ මුලතිව් ප‍්‍රදේශවල ඉකුත් මාස 03 ක පමණ කාලය තුළ වාර්තා වූ මරණ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වසංගත රෝග විද්‍යා අංශ්‍යට දැනුම් දී තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය, පළාත් සහ දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව මුලික විමර්ශණයක්ද සිදුකළා.

විමර්ශණයට අනුව යාපනය ප‍්‍රදේශයේ එම කාලය තුළ වාර්තා වී ඇති මරණ සියල්ලම පැහැදිලි රෝගී තත්ත්වයන් හේතු කොට සිදු වූ මරණ බවටයි තහවුරු වී ඇත්තේ.

මෙම මරණ එකම පවුලක හෝ ඔවුන්ගේ ඥාතීන් අතර සිදුව නොමැති බවටද තහවුරු වී තිබෙනවා.

මේ පිළිබඳ නෙත් නිවුස් වෙත වැඩි දුරටත් අදහස්  දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කළේ මෙය වසංගත තත්ත්වයක් නොවන බවයි. මෙය යම් උණ තත්ත්වයක් බවත් එය පාලනය කිරීමට මේ වන විට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන්නා. 

මෙම මරණ යම්කිසි හඳුනා නොගත් හේතුවක් මත සිදු වී ඇති බවට පැතිර ඇති වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.