Friday, October 18, 2024

General line - 0115112241

එජාපය තනි ආණ්ඩුවක් හදන්න සුදානම්..හරීන් සමග අගමැති සාකච්ඡාවක - සියලු තොරතුරු මෙන්න 

සුගත් ධර්මප්‍රිය




එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් සැදීමේ පළමු වෙඩිමුරය තබන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

31වන දිනට පසු ඒ සම්බන්ධයෙන් දැකගත හැකි වනු ඇති බවයි ඔහු ඊයේ (30) පැවති උත්සවයකදී අවධාරණය කළේ.

පෙරේදා (29) නුවරඑළිය ප්‍රදේශයේ දී අගමැතිවරයා හමුවී සාකච්ඡා කර ඇති අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට දායකත්වය නොදුන් පුද්ගලයන් දැන් හැසිරෙන ආකාරය පිළිබඳව සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

තමන්ට දැන් තිත්තවී ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අගමැතිවරයාට දැනුම් දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.