Saturday, October 19, 2024

General line - 0115112241

ඉතාලියේ 36.. එංගලන්තයේ 42..සෞදියේ 16..කුවේටයේ 17..ඕස්ට්‍රේලියාවේ  14  - රටගිය ලාංකිකයන්ට ලංකාවෙන් සිතාසි  




නඩු කටයුතු වලට අදාළව 2017  වසරේ මාස නමයක කාලය තුළදී  විදේශගතව සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 337 දෙනෙකුට ශ්‍රී ලංකාවේ  අධිකරණ මගින් සිතාසි නිකුත් කර තිබෙනවා.

2000 අංක 39 දරණ සිවිල් සහ වානිජ  පනත යටතේ මෙම සිතාසි නිකුත් කරනු ලැබුවා.

ඉතාලියේ සිටින  36 දෙනෙකුට,එක්සත් රාජධානියේ සිටින 42 කට  ,  ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 35කට , කැනඩාවේ සිටින 21 කට , ඉන්දියාවේ සිටින 20කට , සෞදි අරාබියේ සිටින 16කට , කුවේටයේ 17 කට , ප්‍රංශයේ 14 කට , කටාරයේ සිටින 11 කට , ඕස්ට්‍රේලියාවේ  සිටින 14 කටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එලෙස දන්වා තිබෙනවා.

ඔවුන්ට අදාළ සිතාසි විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කර ඇති අතර  විදේශයන්හි අධිකරණ වලින් ශ්‍රී ලංකාවේ සිටින විත්තිකරුවන් සහ සාක්ෂිකරුවන් 73 දෙනෙකුට ද සිතාසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.