Saturday, October 19, 2024

General line - 0115112241

OIC ට තර්ජනය කළ JVP මන්ත්‍රී අල්ලයි




සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වලයි.

හෙයියන්තුඩුව ගොඩැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලා මන්ත‍්‍රීවරයා ඊයේ (04) රාත‍්‍රියේ පොලිසියට පැමිණ තිබෙනවා. එහිදී වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර මන්ත‍්‍රීවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කර ඇත්තේ එම අවස්ථාවේදීයි. අත්අඩංගුවට ගත් සැකකාර පළාත් සභා මන්ත‍්‍රීවරයා මහර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.