Saturday, October 19, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ යට මුදල් රැස් කළ ශ‍්‍රී ලාංකික තරුණයින් 13ක් අධිකරණයට

දිනසේන රතුගමගේ




එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් රැස් කළ ශ‍්‍රී ලාංකික දෙමළ තරුණයින් 13 දෙනෙකුගෙන් ස්විස්ටර්ලන්තයේ ෆෙඩරල් සාපරාධී අධිකරණයක් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. එම තරුණයින් 13 දෙනාම දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පිරිසක් බවයි වාර්තා වන්නේ.

1999 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුල ස්විස්ටර්ලන්තයේ සිටින දෙමළ වැසියන්ගෙන් එල්.ටී.ටී.ඊ.සංවිධානය සදහා එකතු කරන ලද මුදල් සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් කරුණු විමසා තිබෙනවා. එම තොරතුරු සියල්ල අධිකරණයට ලබා දීමට කාලය අවශ්‍ය බවයි අදාළ ශ‍්‍රී ලාංකික තරුණයින් දැනුම් දී ඇත්තේ. ඒ

අනුව ස්විස්ටර්ලන්තයේ ෆෙඩරල් සාපරාධී අධිකරණය ඔවුන්ට දින 20 ක කාලයක් ලබා දී තිබෙනවා.