Saturday, May 4, 2024

General line - 0115112241

මෙරට කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා - අයදුම් කරන්නේ මෙහෙමයි

ඉෂාර සුපෙම් මානගේ




ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා හිමිවෙනු ඇති.

සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 100ට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රු. 135,000ක් හිමි වන බවද විදේශ රැකියා අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති රැකියා අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත යොමු කළ හැකියි.

මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇති බවද සඳහන් කළා. කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මගින්ද වැඩි විස්තර ලබාගත හැකියි.