Sunday, May 5, 2024

General line - 0115112241

'ගුවන් පාලම් ඉදි කළාට මාර්ග තදබදය අඩු වෙන්නේ නෑ' - මොරටු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් පැහැදිළි කරයි



ගුවන් පාලම් ඉදිකිරිමෙන් පමණක් මෙරට මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට නොහැකි බව මොරටු විශ්ව විද්‍යාලයේ නගර හා ග‍්‍රාම නිර්මාණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චමීර ප‍්‍රසාද් ද සිල්වා පවසනවා.

කොළඹ නගරය ආශ‍්‍රිත ප‍්‍රධාන මාර්ග කිහිපයක මගී බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් යොදා ගැනීමේ නව ක‍්‍රමවේදය මෙතෙක් සාර්ථක වී නොමැති බවද ආචාර්ය චමීර ප‍්‍රසාද් ද සිල්වා පවසනවා.

ඊයේ (16) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

(මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)