Tuesday, May 14, 2024

General line - 0115112241

ජල සම්පාදන සේවකයන් රට පුරා වැඩවර්ජනයක් කරනවාලු (UPDATE)

සජිත් තිලකරත්න




මෙම වසරට නියමිත වැටුප් වර්ධකය ලබා නොදීම හේතුවෙන් හෙට (02) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක පෙන්වා දෙන්නේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනහොත් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත් වන බවයි.

 

----------------------------------

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

(30-01-2018 06:18)

(ඩිල්ෂාන් මඩවල)

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර පළාත් සේවකයන් අද (30) වෘත්තීය සමිති අරගලයක නිරත වනවා.

එහිදී ඔවුන් පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී එම ක්‍රියාමාර්ග ගනු ඇති.

ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ මෙම කාලය තුළ කාර්යාල කටයුතු, පාරිභෝගික සේවා කටයුතු සහ නඩත්තු කටයුතු බැඳවැටෙනු ඇති බවයි. ජනතාවගේ අවශ්‍යතාව සළකා පොම්පාගාර කටයුතු පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවද සඳහන් කළා. ජනතාව අපහසුතාවයට පත් වන්නේ නම් එහි වගකීම පාලකයින් විසින් ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් මෙම වෘත්තිය සමිති අරගලය සිදු කරන්නේ මෙම වසරේ සිට තමන්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය නියමිත පරිදි ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින්.