Thursday, May 9, 2024

General line - 0115112241

වසර දෙකක් තිස්සේ ඉන්ධනවලට දැවිතෙල් කලවම් කළ ජාවාරමක් හෙළිවෙයි




ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

සැකකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස බවුසර් මඟින් ප්‍රවාහනය කරනු ලබන ඉන්ධනවලින් කොටසක් වෙනත් බවුසරයකට මාරු කර පසුව ඉතිරි තෙල් සඳහා නුසුදුසු දැවි තෙල් ඉන්ධන පිරවීම සිදුකර තිබෙනවා.

වසර දෙකකට ආසන්න කාලයක් සැකකරුවන් විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.