Thursday, May 9, 2024

General line - 0115112241

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

ඩිල්ෂාන් තුෂාර




පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් දේශීය පොලිතීන් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වන බවයි එම සංගමයේ සභාපති අනුර හේරත් කියාසිටියේ.  

තහනම් ලන්ච් ෂීට් සහ පොලිතීන් අළෙවි කරන වෙළදුන්ට එරෙහිව තවමත් නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක නොවන බවද මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.