Friday, May 10, 2024

General line - 0115112241

2020 පන්දු වාර 20යි 20 ලෝක කුසලාන තරග කාල සටහන මෙන්න

ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




2020 වසරේ පැවැත්වෙන පන්දු වාර 20යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග කාල සටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් අද (30) එළි දක්වනු ලැබුවා.

මෙවර එහි සත්කාරකත්වය දරන්නේ ඔස්ටේ‍්‍රලියාවටයි. නගර 08ක කී‍්‍රඩාංගන වලදී තරග පැවැත්වීමටයි සුදානම් කර ඇත්තේ.

පිරිමි මෙන්ම කාන්තා ලෝක කුසලානයද මෙවර පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේයි. එකම වසරක එකම රටක් සත්කාරකත්වය දරමින් ලෝක කුසලාන තරගාවලි 02ක් පවත්වන පළමු අවස්ථාව මෙය බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.

කණ්ඩායම් 10ක් තරග වදින කාන්තා තරගාවලිය 2020 පෙබරවාරි මස 21 වනදාත් කණ්ඩායම් 16 ක් තරග වදින පිිරිමි තරගාවලිය ඔක්තෝම්බර් මස 18වනදාත් පැවැත්වෙනවා.