Thursday, May 9, 2024

General line - 0115112241

එක් වුණත් එක් දෙයක් අත්හැරීමට ජනපති සූදානම් නෑලු




ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක්වන ලෙසට ජනාධිපතිවරයා ආරාධනා කළ පිරිස අතර සිටින දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් ජනාධිපතිවරයා සමග එක්වුවද චෝදනා වලින් ගැලවීමට නොහැකි වනු ඇති බවයි. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා එක්වන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීම ජනාධිපතිවරයාට ගැටළුවක් නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

සියළු දෙනා ජනාධිපතිවරයා සමග එක්වන්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සිය ධූර අත්හැරීමට වුවද සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මීට පෙර ප‍්‍රකාශ කළේ.