Thursday, May 9, 2024

General line - 0115112241

චන්ද්‍රයාගේ වෙනස්කම් තුනක් අද එකවර දකින්න ලැබෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




වසර 151කට පසු අද (31) රාති‍්‍රයේ චන්ද්‍රයා වෙනස්කම් තුනකට ලක්වනවා.

ඒ අනුව සුපිරි සඳක්, නිල් සඳක් සහ පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් අද සිදුවීමට නියමිතයි. මෙවැනි සන්සිද්ධියක් මීට පෙර සිදුව ඇත්තේ 1866 වර්ෂයේදීයි. 

ඒ අනුව වෙනත් පොහෝ දිනකට දිස්වන ආකාරයට වඩා සියයට 14ක විශාලත්වයකින් හා සියයට 30ක දීප්තියකින් චන්ද්‍රයා අද දැක බලා ගත හැකි වනවා. චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර් පනස් දහසක් පෘථිවියට ආසන්න වන අතර පෘථිවියට කිලෝමීටර් 3,56,565ක දුරින් පිහිටනු ඇති. 

මේ අතර පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය අද සවස 04.21ට සිදු වන අතර ශී‍්‍ර ලංකාවට දිස්වන්නේ එහි අවසාන කොටස පමණයි. චන්ද්‍ර ග‍්‍රහණය නිරීක්ෂණය කිරිමට හොඳම කාලය බටහිර දෙසින් චන්ද්‍රයා බැසයන විට බවද මහාචාර්ය චන්දන ජයරත්න මෙලෙසෙ පැහැදිලි කළා.

චන්ද්‍රයා පෘථිවියට ලංවීම හේතුවෙන් ඇති වන ගුරුත්වාකර්ෂණයේ වැඩිවීම නිසා මුහුදේ වඩදිය මට්ටමේ වැඩි වීමක් ඇති වුවත් , භූමිකම්පා, කුණාටු තත්වයක් ඇති නොවන බවයි අවධාරණය කෙරුණේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..