නවම් පුර පසළොස්වක පෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා පල්ලේබැද්ද ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ යටතේ පූජ්‍යපාද වරායායේ සමිත හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වෙන ධර්ම දේශනාව රාතී‍්‍ර 07.00ට ආරම්භ වීමට නියමිතයි. රාතී‍්‍ර 08.00 සිට රාතී‍්‍ර 09.00 දක්වා පූජ්‍යපාද ගණේකන්දේ චන්දරතන හිිමියන්ගේ වැඩමවීමෙන් ගිතෙල් පහන් පූජා පිංකමක් පැවැත්වෙනවා. එම වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතයි.
දවස පුරා පැවති ආගමික වැඩසටහන්වල ඡායරූප පහතින් දැක්වෙනවා.
-------------------------------------------
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (31) යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි නවම් පොහොය සැලකෙන්නේ.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කළේ අදවන් පොහොය දිනකයි.
සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරිනැමුවේ ද අදවන් නවම් පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම ද අදට යෙදෙන පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිද්ධියක්.
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අදවන් පොහොය දිනකයි.
නවම් පුර පසළොස්වක පෝදා නෙත් එෆ්. එම්. ශ්වේත පූජා වැඩසටහන අද සජීවිව ගෙන එන්නේ පල්ලේබැද්ද ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ සිටයි. උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් අද උදෑසන වැඩසටහන ආරම්භ කෙරුණා.
පූජ්‍ය ලේනව මංගල හිමියන්ගේ වැඩමවීමෙන් උදෑසන ධර්ම දේශනා පැවැත්වෙනවා. යුගාසන කාව්‍යමය ධර්ම දේශනය පැවැත්වෙන්නේ සවස 2.00 සිටයි.
සවස ධර්ම දේශනය පූජ්‍ය මුත්තෙට්ටුපොළ සෝමානන්ද හිමියන්ගේ වැඩමවීමෙන් සවස 4.00ට ආරම්භ වනවා. පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පවත්වන ආශිර්වාද බෝධි පූජාව සවස 5.30ට ද, පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් පවත්වන ගිතෙල් පහන් පූජාව රාත්‍රී 8.30ට ද පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. පූජ්‍ය වරායායේ සමිත හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වන ධර්ම දේශනය ආරම්භ වන්නේ රාත්‍රී 7.00ටයි.