Thursday, May 9, 2024

General line - 0115112241

බැඳුම්කර වරදකරුවන් එජාපයෙන් ඉවතට (VIDEO)




බැඳුම්කර සිදුවීමේ වරදකරුවන් වන සියල්ලන්ම පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.

කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පාඩු වූ බව කියන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මේවනවිට රජය විසින් අදාළ සමාගමෙන් රඳවා ගැනීමට කටයුතු කර ඇති බවයි.

බැඳුම්කර සිදුවීමත් සමග ඇමතිවරු ඉවත් වූයේ ද ඉවත් වන ලෙසට පක්ෂය විසින් දැනුම් දෙනු ලැබූ  නිසා බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ.

(අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.)