Sunday, January 12, 2025

General line - 0115112241

මෝටර් රථ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් අලුත්ම තීරණය මෙන්න




ශ්‍රී ලංකාවට ගෙන්වන විවිධ මෝටර් රථ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යෑම තුළ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විවිධ තීරණ කිහිපයක් ගැනීමට රජය සූදානම් වනවා.

ඒ අනුව පසුගිය වසර 05ක පමණ කාලසීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන ධාවනයේ නොමැති වාහන සේ සලකා එම වාහනවලට අදාළ ලිපිගොනු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අපහරණය කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කමිටුවක අධීක්ෂණය යටතේ විධිමත් පරිදි එම කටයුතු සිදුවෙනු ඇති. 

ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

(මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.)