අල්ලස් හා දූෂණ චෝදනා මෙන්ම අතිශය සංකීර්ණ මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා කිහිපයකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, ත්‍රි පුද්ගල මහාධිකරණයක් ස්ථාපති කිරීමට අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඒ අතරින් එක් යෝජනාවක්.
අල්ලස සහ දූෂණය පිටුදැකීම සඳහා අල්ලස් පනත සංශෝධනය කිරිමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දුන්නා.
ඒ අනුව අල්ලස් චෝදනා හැරුණු විට දූෂණ චෝදනා සම්බන්ධ නඩු ද, මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් නොව මහාධිකරණයට පවා විභාග කළ හැකි වන පරිදි විධි විධාන ඇතුළත් කරමින් අල්ලස් පනත සංශෝධනය කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.