රජයේ මාධ්‍ය මගින් ද අග්‍රාමාත්‍යවරයා විවේචනය කළ හැකි වන තරම් මාධ්‍ය නිදහසක් ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙනවා.
පන්නල පැවති ජනහමුවක් අමතමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ පුද්ගලික මාධ්‍ය සඳහා ද රජයට හිටගෙන පහරදීමට තරම් නිදහස ලැබී ඇති බවයි.
මේවන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා තමන් වෙඩි ප්‍රහාරයකින් 2010 වසරේ ජීවිතය බේරා ගත් ආකාරය ද සිහිපත් කළා.
එම ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.