වැරදි කළ සියල්ලන්ට පෝලිමට සිරගෙදරට යාමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමට නියමිත බවයි ඔහු පෙන්වා දුන්නේ. කටුගම්පල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
තම පක්ෂයේ ඇතැමුන්ගේ ද වැරදි තිබිය හැකි වුව ද ඊට එරෙහිව පක්ෂය ක්‍රියා මාර්ග ගත් බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී වැඩි දුරටත් අවධාරණය කළේ.
පහතින් වීඩියෝව නරඹන්න