Sunday, January 12, 2025

General line - 0115112241

පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්




අයුතු ජනරාශියක සමාජිකයින් වෙමින් මරදාන ප්‍රදේශයේ පිහිටි  විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පෙබරවාරි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර භාරයට  පත් කරන ලද්දේ පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර සහ එම සංගමයේ ලේකම් ජගත් විජේසිංහ යන අයයි. පසුගිය වසරේ නොවැම්බර් මස 26 දා සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් මරදාන පොලිසිය විසින්  අත් අඩන්ගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කළා.