සහල් ආනයනය කිරීම තාවකාලිකව නතර කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. මහකන්නයේ වී අස්වනු නෙළිම ආරම්භ කර ඇති බැවින් ඉදිරියේදී දේශීය සහල් තොග වෙළඳපොළට ලැබීම සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඒ අනුව සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක්ද පසුවට කල් තබා තිබෙනවා.