Sunday, January 12, 2025

General line - 0115112241

ඡන්දෙට අල්ලස් දෙන හැටි මෙන්න




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් ජනතාව වෙත විවිධ ආකාරයේ අල්ලස් ලබා දීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

"බුදු පිළිමයේ සිට මහන මැෂිම දක්වා ද්‍රව්‍ය ඡන්ද දායකයින්ට ලබා දෙනවා. මාතලේ එක්තරා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නිරන්තරයෙන් වන්දනාගමන් සංවිධානය කරන බව වාර්තා වෙලා තිබෙනවා. එක රැයකින් බොහෝ මාර්ග සංවර්ධනය වනබව අපිට වාර්තා වෙලා තියෙනව. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මාර්ග කොන්ක්‍රිට් දානව, තාර දානව. වසර ගණනාවක් අමතක වෙලා තිබිච්ච පාරවල් බොහෝමයක් දේශපාලඥයින්ට දැන් මතක්වෙලා තියෙනව."

බේරුවල ප්‍රදේශයේ සහ නුවර එළිය දිස්ත්‍රික්යේ වතු ආශ්‍රීතව ඡන්ද කාඩ් පත් සහ හැඳුනුුම්පත් එකතු කිරිමේ සිද්ධීන්  වාර්තා වන බවයි. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මෙහිදී කියා සිටියේ. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධි ක්‍රියාවක් බවද, වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බවද ඔහු පෙන්වා දෙනවා. ඒ පමණක් නොව තම නිල ඡන්ද පත්‍රිකාව අන්සතු කිරීමද වරදක් වන බවයි රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ.