Sunday, January 12, 2025

General line - 0115112241

සමෘද්ධි නිලධාරීන්ගේ රස්සාව නැති වෙන වරදක් ගැන ඇමති SB කියයි




සමෘද්ධි සහනාධාරය ජනතාව වෙත ලබා දීම ප‍්‍රමාද කරන නිලධාරීන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්නා බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. මාස 06ක පමණ කාලයක් සිය සමෘද්ධි සහනාධාරය ප‍්‍රමාද වී ඇති බවට සමෘද්ධි ලාභීන් පිරිසක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් හේවාහැට ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

"මාස 06ක් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තියාගෙන ඉඳීම බරපතල වරදක්. ඒ සමෘද්ධි නිලධාරීන්ට සහ කලමණාකාර තුමාට කියන්නේ මම මේක රස්සාව නැතිවෙන තරමේ බරපතල වරදක්. එයාට රස්සාව නැති වෙලා එයාට හිරේ යන්න වෙනව නඩු දැම්මොත්." යැයි අමාත්‍යවරයා පැවසුවා.