පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණය මගින්.
පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කර ගෙන යන බවයි. ඒ අනුව නේවි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය ඉල්ලා සිටින බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
හෙට්ටි ආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්රසාද් හෙට්ටිආරච්චි, 54/1 වැල්ලවත්ත වැල්ලම්පිටිය. ඔහුගේ සම්පූර්ණ නම සහ ලිපිනය වනවා.
ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 011-2422176 011-2320141 011-2320142 011-2320143, 011-2320144, 011-2320145ට හෝ සමූහ මංකොල්ල අංශයේ 011-2393621 අංකයට දැනුම් දෙන්න.