දිවයිනේ සියළුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඊයේ (30) රාති‍්‍රයේ සිට අද අළුයම දක්වා සිදු කෙරුණු විශේෂ මෙහෙයුමකදි පුද්ගලයන් 1675 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ බීමත්ව රිය පැදවූ 719 දෙනෙකු, වරෙන්තුකරුවන් 397 දෙනෙකු සහ විවිධ අපරාධයන්ට සැකපිට පුද්ගලයින් 554 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ රාති‍්‍ර 11.00 සිට අද අළුයම 03.00 දක්වා කි‍්‍රයාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 42,673 දෙනෙකු සෝදිසි කර ඇති අතර වාහන 20,913ක්ද සෝදිසි කර තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය වැටලිම් 420ක් එමකාල සීමාව තුළ සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
හෙරොයින් කිලෝ 13 ග්‍රෑම් 943 ක්, ගංජා කිලෝ 11 ග්‍රෑම් 293ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද මෙම වැටලිම් වලදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අදාළ කාල සීමාව තුළ මාර්ග නීති කඩ කළ 3,715 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මූළස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.