Sunday, January 12, 2025

General line - 0115112241

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණක් නොවේලු




බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වගකිව යුත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පමණක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. රවී කරුණානායක මන්තී‍්‍රවරයා එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරේ වගකීම් නොදැරිය යුතු බවට බැඳුම්කර වාර්තාව පිළිබඳ සොයා බැලීමට පත් කළ තිලක් මාරපන කමිටුව නිර්දේශ කළා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළව අවසන් තීරණයක් ලැබෙන තුරු රවී කරුණානායක මන්තී‍්‍රවරයා එම තනතුරෙන් ඉවත් විය යුතු බවට කමිටුව නිර්දේශ කර ඇතිබවයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසන්නේ.


මේ අතර ඊයේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී රැෙස්වී තිබෙනවා. එහිදී තිලක් මාරපන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි අනාවරණ වුණේ. එම අමාත්‍යවරුන්ගේ ද මතය වී ඇත්තේ මේ මොහොතේ අදාළ නිර්දේශ කි‍්‍රයාත්මක විය යුතු බවයි.

ඒ අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් රවී කරුණානායක මන්තී‍්‍රවරයා සමග සාකච්ඡා කිරීම වජිර අබේවර්ධන අමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා.