පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ප්රකාශ කිරිමේ තුන්වන අදියර අද (01) ආරම්භ වනවා.
ඒ අනුව මුල් අදියර දෙකේදී තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට අද සහ හෙට (02) ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ.
ඉකුත් 22, 25, 26 යන දින වලදී තැපැල් ඡන්ද විමසීමේ පළමු සහ දෙවන අදියර පැවැත්වුණා. පළමු අදියරේදී තැපැල් ඡන්දය ප්රකාශ නොකළ පොලිස් නිලධාරීන්ට අද දිනයේදී සිය පොලිස් ස්ථානයේදීම ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් පැවසුවේ.
දෙවන අදියරේදී තැපැල් ඡන්දය ප්රකාශ නොකළ සෙසු රාජ්ය නිලධාරීන්ට අදාළ දිස්ති්රක් මැතිරවණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අද සහ හෙට අවස්ථාව හිමිවන බවයි අතිරේක මැතිරවණ කොමසාරිස්වරයා කියා සිටියේ.
කොළඹ දිස්ති්රක්කයේ තැපැල් ඡන්දය ප්රකාශ නොකළ ඡන්ද දායකයන්ට මැතිවරණ මහ ලෙක්ම් කාර්යාලයේදී අද සහ හෙට ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවද අතිරේක මැතිරවණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
හෙට දිනයෙන් පසු මෙවර මැතිරවණයට අදාළව තැපැල් ඡන්ද ප්රකාශ කිරීමට නැවත අවස්ථාවක් හිමි නොවන බවයි මෙහිදී ප්රකාශ කෙරුණේ.