Tuesday, May 14, 2024

General line - 0115112241

විදුහල්පතිනිය දණ ගැස්සවූ සිද්ධියේ චෝදනා ලත් මහඇමති එයි (PHOTOS)




බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවූවේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට පෙනී සිටීම සඳහා චෝදනා එල්ල වී ඇති ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ සම්බන්ධ ඡායාරූප සිය සමාජ ජාල පිටුවක පළ කර තිබුණා.

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි දණ ගැස්සවීම සහ ඇයට බලපෑම් සිදුකර ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුළු වග උත්තරකාර පාර්ශ්වයේ හය දෙනකුට පසුගිය (25) වැනිදා පෙරවරු 10.00ට කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේදී ද සාක්ෂි සටහන් කර ගැනීමක් සිදු වුණා.

 

--------------------------------

විදුහල්පතිනිය දණ ගැස්සවූ සිද්ධියේ දෙවන අදියර අද

(01-02-2018 05:41)

 

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම පවත්වන විමර්ශනයේ දෙවන අදියර අද (01) සිදු කෙරෙනවා.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකටද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සහ බදුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද කොමිසම හමුවට කැඳවා ඇතැයි සඳහන්. මීට අමතරව පැමිණිලිකාර පාර්ශ්වයන්ද අද දිනයේ මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.