ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙන නොයන්නේ නම් එය ජනතා වරමට පිටුපෑමක් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙන්ව තරග කළද අවසානයේදී රට වෙනුවෙන් එක් විය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කොලොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ ඊයේ (31) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.